Naifmvlog

Naifm vlog Gossip and News

ශලනි විවහා වෙන අරන්චියත් සමග දුක්වූ තරුණයින් හාමතේ හඩා වැළපෙයි

මේ දිනවල විකාශය වන කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයෙන් ඔබවෙත වෙන ශලනි තාරකා ලංකාවේ ජනප්‍රියම නිලියක් ලෙසින් රටේම ආදරේ දිනාගෙන සිටින කෙනෙක්. සම්මාන රැසකින්ම පිදුම් ලබා තිබෙන දක්ෂ රංගන ශිල්පිනියක් වන ඇය පුංචි තිරයේ නිරන්තරයෙන්ම දකින්න ලැබෙන චරිතයක්. එපමණක් නොවෙයි ටෙලි නාට්‍ය ඉතිහාසයේ තිබු වාර්තාවක්ද අලුත් කරන්නත් ඇයට හැකිවුනා.

ඒ තමයි රයිගම් ටෙලි සම්මාන උළෙලේදී කළා ක්ෂේත්‍රය තුල වසර 23ක් තිබු වාර්තාවක් වන ජනප්‍රියම නිළිය සහ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය සම්මානය එකම වේදිකාවකදී ලබාගත් දෙවන නිළිය ලෙසින් ඉතිහාසයට එක්වුණේ ඇයයි. චාන්දනී සෙනෙවිරත්නයන් විසින් තමයි පළමු වරට මෙම වාර්තාවට හිමිකම් කියලා තිබුනේ. ඉතින් අද වෙනකොට ශලනි තාරකා ලොකු පොඩි කාගෙන් ප්‍රියතම නිළිය බවට පත්වෙලා තිබෙනවා.

ලඟදි ඉඳලා සෝෂල් මිඩියා වල ගොසිප් එකක් යනවා ශලනි ඉක්මනින්ම විවහා වෙන්න සුදානමින් ඉන්නවා කියලා. මේක හරියටම තවමත් ඇත්තක්ද කියලා දන්නේ නැහැ. නමුත් ඇයට ආදරේ කරන ඇය සිහින කුමරියක් ලෙසින් හිතේ තියාගෙන සිටින තරුණයින්ට නම් මේක අච්චර සුභ දායක පුවතක් වෙන එකක් නැහැ. මේ අතරතුර ශලනි ඇයගේ වැඩ කටයුතු ගැනත් මාධ්‍යට පැවසුවේ මෙහෙමයි.

ඇත්තටම සම්මාන දිනගත්තම අපිට තයන වගකීම තවත් වැඩි වෙනවා. මොකට නවක රංගන ශිල්පිනියන් අපි දිහා බලලා ආදර්ශයක් ගන්නවානම් අපි හොඳ නිර්මාණ එක්ක ඉස්සරහට යන්න ඕන. ඒක දැන් අභියෝගයක් වෙලා තියෙන්නේ අදකාලේ හොඳ නිර්මාණ බිහිවෙන්නේ අඩුවෙන්. කලාකරුවන්ගේ දක්ෂතා පෙන්වන්න වටිනා නිර්මාණ බිහිවෙන්න ඕන.

පිටින් බලාගෙන ඉන්න කෙනෙකුට හිතෙන්න පුලුවන් කැමරාවක් ඉදිරියේ රඟපාන එක ලෙහෙසි වැඩක් කියලා. නිලියක් වෙලා සම්මානයක් ගන්න ඒක ලෙහෙසි වැඩක් නෙවෙයි. සමහර නිර්මාණ වලට පුදුමාකාර කැපකිරීමක් කරලා කට්ට කළා කරලත් කිසිම ඇගයීමක් ලැබෙන්නේ නැති අවස්ථා තියනවා. හැබැයි එදා ගල් ගහපු අයත් ඒ අත් වලින්ම අද අත්පුඩි ගහනවා.