Naifmvlog

Naifm vlog Gossip and News

පුංචි පැංචි වැඩසටහන කරපු තුන්දෙනා එකම තැනක හමුවෙයි

මීට වසර ගණනාවක කලින් විකාශය වුන වැඩසටහනකට මිනිස්සු තවමත් ආදරේ කරනවා කියන්නේ පුදුමාකාර දෙයක්. එවැනි වැඩසටහනක් බිහිවෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. ඒ විදියට අපිට කවදාවත්ම අමතක වෙන්නේ නැති ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් තමයි පුංචි පැංචි කියන්නේ. සිරස ටීවී නාලිකාවේ විකාශනය වුනු මෙම වැඩසටහන අදටත් ප්‍රේක්ෂකයින්ගේ හදවත් වල තියනවා. අනූව දශකයේ සිටි දරුවන්ට මේවා බලන්න වාසනාව තිබුනා.

එහි වැඩසටහන් ඉදිරිපත් කරපු ජනප්‍රිය රංගන ශිල්පිනියන් තුන්දෙනෙක්  ඉන්නවා. ඒකාලේ නම් මේ තුන්දෙනා ගොඩක් පොඩියි, දැන්නම් තුන්දෙනාම විවහා වෙලා දරුවනුත් ඉන්නවා. එතනින් දෙදෙනෙක් තමයි ප්‍රියසාද් පවුලේ දියණියන් වන දිනක්ෂි සහ ශේෂාද්‍රි, අනිත් කෙනා තමයි අපි කවුරුත් ආදරේ කරන ප්‍රමුදි කරුණාරත්න. ප්‍රමුදිව දැක්කම තාමත් හැමෝම කියන්නේ පුංචි පැංචි කියලා.

ඉතින් මීට දශකයකට පමණ ඉහතදී නරඹපු වැඩසටහනේ නිවේදිකාවන් තුන්දෙනාම පසුගිය දවසක එකම තැනකදී හමුවෙලා තිබුනා. එහි චයරුපයක් දිනක්ෂි විසින් පළකරමින් පවසලා තිබුනේ The පුංචි පැංචි Mommy Club කියලා. දිනක්ෂි හා ශේෂාද්‍රි ගැනනම් තාමත් සමාජ මාධ්‍ය වලත් ටීවී ප්‍රෝග්‍රෑම් වලටත් මේ දෙන්නම එනවා. නමුත් පුංචි කාලේ දැක්කට පස්සේ ප්‍රමුදිව ටීවී එකේ දැක්කේ නැහැ.

ඇය සැමියා සහ දරුවන් දෙදෙනා සමග විදේශ රටක පදිංචි වෙලා ඉන්නේ. ඒ ගැන ප්‍රමුදි කියලා තිබුනේ මෙහෙම කතාවක්. මම හිතුවා කාලයක්ම දකින්න නොලැබුන නිසා ප්‍රේක්ශ්‍යකයින්ට මාව අඳුරගන්නත් බැරිව ඇති කියලා. ඒත් පුදුමයි මාව දැකපු ගමන් හරිම ආදරෙන් පිළිගත්තා, රංගනයෙන් ඉවත් වුනාට පස්සේ කිසිම නිර්මාණයකට දායක වුනේ නෑ.

අපේ කලේ වගේම දැන් ඉන්න නංගිලා මල්ලිලාත් දක්ෂ විදියට වැඩසටහන් ඉදිරිපත් කරනවා. අපිටත් වඩා හොඳට නිර්මාණ වල රඟපානවා. මගේ බබාලා දෙන්නටත් අපි පුංචි කාලේ කරපු දේවල් පෙන්නනවා. රංගනයෙන් ඉවත් වුනාට පස්සෙත් මට ගොඩක් නිර්මාණ වලට ආරාධනා ලැබුනා. මටනම් දැන් නැවතත් කලාවත් එක්ක එකතු වෙන්න කාලයක් නැහැ. ඒ නිසා දරුවන්ගේ වැඩ කටයුතුත් කරගෙන ඉන්නවා.