Naifmvlog

Naifm vlog Gossip and News

ලංකාවේ හිටියට වඩා සතුටින් මම දැන් ඉන්නවා, සසන්ති ජයසේකර

සසන්ති ජයසේකර කියන්නේ ගොඩක් කාලෙකට කලින් අපේ රටේ සිටි ජනප්‍රියම රංගන ශිල්පිනියක්. මෑත කාලයේ තරුණ තරුණියන් නම් ඇය ගැන වැඩිය දන්නේ නැති වුනාට කාලෙකට කලින් තරුණයින්ගේ සිහින කුමරියක් තමයි සසන්ති කියන්නේ. එහෙත් විවිධ හේතුන් නිසාවෙන් ඇය රංගනයෙන් ටිකෙන් ටික ඈත් වෙලා වැඩිය දකින්න නොලැබෙන කෙනෙක් බවට පත්වුනා. ඉන් පසුව සෝෂල් මිඩියා ඔස්සේ සසන්තිව නැවත ජනප්‍රිය වෙන්න පටන් ගත්තා.

ඇය කියන විදියට ජිවිතේ සිදුවූ විවිධ කලකිරීම් සහගත සිදුවීම් නිසාවෙන් ලංකාව අත්හැරලා යන්න තීරණය කරනවා. ඒ තීරණයෙන් පස්සේ එංගලන්තයට ගීස සසන්තිට වෙනත් ජීවිතයකට හුරුවෙන්න සිද්ද වෙනවා. නමුත් අද වෙනකොට ලංකාවේ හිටියටත් වඩා සතුටින් ඇය ජිවත් වෙනවා කියලයි කියන්නේ. මාධ්‍යත් එක්ක කරපු සම්මුක සාකච්චාවකදී සසන්ති කියලා තිබුනේ මෙහෙම කතාවක්.

ලංකාවේ ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර තවමත් අඩුවක් වෙලා නැහැ. එහෙම බැලුවම මටනම් හිතෙන්නේ අපේ රටේ මිනිස්සු කොච්චර ආදරනියද කියලා. කොහොමත් මම ලංකාවේ ඉන්න කාලේදී කිසිම කෙනෙක් එක්ක විරසකයක් තියාගත්තේ නැහැ. හැමෝම එක්ක සහයෝගයෙන් කටයුතු කළා. මාත් එක්ක තරහක් තිබුණු කෙනෙක් හිටියට දන්නේ නැහැ, නමුත් මමනම් කාත් එක්කවත් තරහා වෙලා නෑ.

මාව දැක්කම හැමෝම කියනවා සසන්ති ඔයා තාමත් ඉස්සර හිටියා වගේමයි කියලා. මෙහෙ හිටියා කියලා නිකන්ම දවස ගතකරන්නේ නෑ, මහන්සි වෙලා වැඩ කරනවා. හස්බනුයි මමයි ජිම් එකට යන්න දවසේ වෙලාවක් වෙන් කරගන්නවා. වයසත් එක්ක ආහාර ගනිද්දීත් හොදට හොයලා බලලා කන්නේ. පිටි සිනි වැඩියෙන් තියන කෑම කන්නේ කලාතුරකින්.

මගේ සැමියාත් හරිම ආසයි සංචාරය කරන්න, ඒ වෙනුවෙන් අපි දෙන්නට දැන් උපරිම නිදහස තියනවා. ලංකාවට ආවට පස්සේ එයා වැඩියෙන්ම කැමති මුහුදු වෙරළේ කාලය ගතකරන්න. මම එංගලන්තයට ආපු කාලේ එයාව මුණගැහුනේ අන්තර්ජාලයෙන්. අවුරුදු කාලෙට අපිත් මෙහෙ ලංකාවේ වගේම කැවිලි වර්ග හදලා හැම චරිත්රයක්ම කරනවා. සැමියා එංගලන්තේ කෙනෙක් වුනත් සිංහල චාරිත්‍ර වලට ගොඩක් ආසයි.