Naifmvlog

Naifm vlog Gossip and News

ආඩම්බර කම් නැතිව ශේෂාද්‍රි දියණියගේ මුහුණ රටටම පෙන්වයි

ප්‍රියසාද් පවුලේ ලස්සනම දියණිය කියලා හැමෝම කියන ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ හරිම නිහතමානි රංගන ශිල්පිනියක්. ඇයත් දැන් අම්මා කෙනෙක් වෙලා ටික කාලයක් ගතවෙනවා, වෙනත් පවුල්වල වගේ නෙවෙයිනේ ජනප්‍රිය කෙනෙක් මව් පදවිය ලැබුවම ඒ ගැන හැමෝම වැඩියෙන් කතාබහ වෙනවා සොයලා බානවා. ඉතින් ශේෂාද්‍රිත් අම්මා කෙනෙක් වුන දවසේ ඉඳලා ඇය ගැන හැමෝම වැඩියෙන් අවදානය යොමු කරන්න පටන් ගත්තා.

මොකද ඇයගේ අක්කා දිනක්ෂිගේ බබාට අවුරුද්දක් වෙලත් තවමත් දියණියගේ මුහුණ පෙන්වන්නේ නැහැ. මේ නිසා හැමෝම හිතුවා ශේෂාද්‍රිත් එහෙම කරාවිද දන්නේ නැහැ කියලා. නමුත් එවැනි කිසිම ආඩම්බර කමක් නැතිව ඇයගේ දියණියගේ මුහුණ රටටම පෙන්න සෝෂල් මිඩියා වල දාලා තිබුනා. තමන්ගේ දරුවා අගය කිරීම ඕනෑම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කරන දෙයක්නේ.

නමුත් ඕනවට වඩා වැඩි වැඩ කරන්න ගියාම මිනිස්සු කියන්නේ ආඩම්බර කම් කියලා. සමහර අයට නම් බබාලා ලැබුනම සමාජයට විහිළුවක් වෙන විදියට හැසිරෙනවා. ඒකෙන් දරුවටත් කවදාහරි දවසක මිනිස්සු කතා හදනවා. සමහර නිලියන් ඉන්නවා තමන්ගේ මට්ටමට වඩා ඕවර් ඇක්ටින් කරනවානේ. හැබැයි ශේෂාද්‍රි කියන්නේ එහෙම කෙනෙක් නෙවෙයි හරිම නිහතමානි නිලියක්.

තමන්ගේ පළමු මව් පදවිය ගැන ඇය වචනෙන් අදහස් දක්වලා තිබුනේ මෙහෙමයි. පළමු වරට අම්මා කෙනෙක් වෙන අත්දැකීම ජිවිතේ ලබපු හොඳම සහ වෙනස්ම දෙයක් කිව්වොත් හරි. මිට කලින් දිනක්ෂි අක්කාගේ බබව නලවලා කවලා පොවලා බලාගත්තු නිසා ඒ ගැන පොඩි දැනුමක් තිබුනා. මගේ බබා ලැබුනට පස්සෙත් නොදන්නා දේවල් අක්කාගෙන් අහගත්තා.

මගේ අම්මත් අපි තුන්දෙනාව බලාගන්න ඇත්තේ මෙහෙම නේද කියලා දැන් දැනෙනවා. අක්කගේ දරුවයි මගේ දරුවයි කියලා වෙනසක් නැහැ අපි දෙන්නම අපේ බබාලාව තමන්ගේම දරුවන් වගේ බලාගන්නේ. ගොඩක් කාලයක් රඟපෑවේ නැතත් ප්‍රේක්ෂකයින්ට මාව අමතක වෙලා නැහැ. සෝෂල් මිඩියා වලත් මාත් එක්ක නිතරම රසිකයින් ඉන්න නිසා ඔයාලගෙන් ඈත් වෙලා කියලා දැනෙන්නේ නැහැ. හරිම සතුටුයි ඉතින් එහෙම පිරිසක් මාත් එක්ක ඉන්න එක ගැන.