Naifmvlog

Naifm vlog Gossip and News

තාම චුටියි නේ විවාහා වෙන්න දැන්ම අදහසක් නෑ, ශලිනි ප්‍රනාන්දු

ශලිනි ප්‍රනාදු කියන්නේ දැන්නම් කළා ලෝකයට අලුත් කෙනෙක් නෙවෙයි. ඇය රංගනයට පිවිසිලා දැන් වසර කිහිපයක් ගතවෙනවා. කොහොම වුනත් අනෙකුත් නිලියන් එක්ක බලද්දී ශලිනි ඉක්මනින්ම ජනප්‍රිය වීම විශේෂත්වයක් වුනා. ඒකට ලොකුම හේතුව වුනේ ඇයගේ පළමු ටෙලිනාට්‍ය දෙවනි ඉනිමේ චූටි මැණිකේ කියන අහිසක චරිතයෙන් ප්‍රේක්ෂකයින් අතරට පැමිණීමයි. 2017 දෙරණ අවුරුදු කුමරිය ලෙසින් කිරුළු පලදිමත් සමගම ශාලිනිගේ ජිවිතේ වෙනස්ම අතකට යනවා.

ඔව් මට චුටි මැණිකේ වෙන්න අවස්තාව ලැබුනේ අවුරුදු කුමරිය තරඟයට සහභාගී වීමෙන් පස්සේ. එදා එහෙම දෙයකට නොගියානම් මගේ ජිවිතේ වෙනස්ම පත්තකයට යොමු වෙන්න ඉඩ තිබුනා. එහෙම වුනානම් අද ශලිනි ප්‍රනාන්දු කියන කෙනාව කවුරුවත් හඳුනන්නේ නැති සාමාන්‍ය කෙනෙක්. කවදාවත් කැමරාවක් ඉස්සරහ රඟපාලා තිබුනේ නැති මම මුලින්ම රඟපෑවෙත් දෙවනි ඉනිමෙයි.

හැබැයි මෙතරම් ඉක්මනින් රසිකයින් අතරේ ජනප්‍රිය වෙන්න ලැබේවි කියලා හීනෙකින්වත් හිතුවේ නැහැ. පුංචි චරිතයකින් එලියට ආවත් ඒ ගැන හැමෝම කතාකරනවා කියන්නේ පුදුම දෙයක්. මුලින්ම දැකපු චුටි මැණිකේගේ අහිංසක කමට හැම කෙනෙක්ම ආදරේ කළා. ඒ හැමදේකින්ම කියාගන්න බැරි සතුටක් දැනෙනවා. ඒ වෙනකොට රංගනය ගැන කිසිම හැදෑරීමක් කරලා තිබුනෙත් නැහැ.

මුල්ම දවසේ බයකුත් ඇතිවුනා කැමරාවක් ඉස්සරහා මට රඟපාන පුලුවන් වේවිද. මගේ චරිතය බැලුවට පස්සේ ප්‍රේක්ෂකයින් මොනවා කියාවිද කියලා. මාත් එක්ක හිටිය සියලුම ප්‍රවීනයින් උදව් කළා, රංගන ශිල්පිනියක් වෙන්න හැකියාව ලැබුනේ ඔවුන්ගේ මග පෙන්වීමත් එක්කයි. අපේ ගමන ගැන තීරණය කරන්නේ ප්‍රේක්ෂකයින්, ඔවුන්ගේ ආදරේ තමයි හැමදේටම වඩා වටින්නේ.

රඟපෑමට අමතරව ෆැෂන් ඩිසයිනර් කෙනෙක් විදියට වැඩ කරන්න ආසයි. මගේ අධ්‍යාපනයත් හදාරන්නේ ඒ පැත්තෙන්. වෘත්තිමය වශයෙන් රංගන ශිල්පිනියක් වෙනවද නැත්ද කියලා තවමත් තීරණය කරලා නෑ. ඉල්ලුම තිබුනත් මම අකමැති චරිතයක් මොනතරම් මුදලක් දුන්නත් කරන්නේ නැහැ. විශේෂයෙන් ශරීරය නිරාවරණය වෙන ඇඳුම් අඳින වැඩ බාරගන්නේ නැහැ. මොකද ඉස්සරහට හොඳ ගමනක් යන්න නම් මගේ නම ආරක්ෂා කරගෙන වැඩ කරන්න ඕන.