Naifmvlog

Naifm vlog Gossip and News

දිනක්ෂි සාරංගගේ දෝණිගේ සම්පුර්ණ මුහුණ නිල වශයෙන් මාධ්‍යට පෙන්වයි

අද නම් ලංකාවේම ප්‍රේක්ෂකයින් සතුටට පත්වෙලා සිටින දිනයක් බව ඔබට අමුතුවෙන් කියන්න ඕන වෙන්නේ නැහැ. රටක් ආදරේ කරන ජනප්‍රිය රංගන ශිල්පින් දෙදනෙකු වන සාරංග දිසාසේකර සහ දිනක්ෂිගේ පුංචි දියණිය සාරන්‍යා ගැන මෙතෙක් කල් රටම කතාකරමින් සිටියා. අය කරන හපන්කම් හැම දෙයක්ම සෝෂල් මිඩියා වල පලවෙන නිසා හැම කෙනෙකුම මේ දියණිය ගැන අවදානේන් තමයි හිටියේ.

නමුත් මෙතෙක් කාලයක් හැමෝටම තිබුන ප්‍රශ්නයක් තමයි දියණියගේ මුහුණ පෙන්වන්නේ නැත්තේ ඇයි කියලා. බබා ලැබිලා හරියටම අවුරුද්දක් වෙද්දී තමයි ඇයගේ මුහුණ මාධ්‍යට පෙන්වන්න කටයුතු කරලා තිබුනේ. මෙච්චර කාලයක් නොයිවසිල්ලෙන් හැමෝම බලාගෙන හිටියේ මේ බබාගේ මුහුණ මොනවගේද කියලා බලන්නයි. එකපාරට බැලුව ගමන්ම පෙන්නේ බබා සාරංග වගේ කියලා. හැබැයි ඇස් දෙක එහෙම දිනක්ෂිගේ වගේ කියලත් පෙනෙනවා.

ඉතින් මෙච්චර කලාලයක් හැමෝටම ප්‍රශ්නයක් වෙලා තිබුන දේටත් උත්තරයක් ලැබිලා තියනවා. දියණියත් එක්ක ඉන්න චයරුපයක් පළකරමින් සාරංග විසින් සටහන් කරලා තිබුනේ අවලස්සන හිත් ලස්සන කරන්න ඔය හිනාවෙන්ම කියලා. කාලෙකට කලින් මිනිස්සු කියපු කතා වලට දිනක්ෂි උත්තර දීලා තිබුනේ මෙන්න මෙහෙමයි.

පිට රටවල් වල අම්මලාට නැති ලංකාවේ අම්මලාට විතරක් තියන ප්‍රශ්නයක් ගැන කතාකරන්න ඕන කියලා මම හිතුවා. පලවෙනි වරට දරුවෙක් ලැබෙනවා කියන්නේ අම්මා කෙනෙකුට ඒක දැනෙන්නේ වෙනස්ම විදියටකට. පිටින් බලාගෙන ඉන්න කෙනෙකුට එක දැනෙන්නේ නැහැනේ. ටිකක් වයට ගිහින් බබෙක් ලැබුනොත් කියනවා අපෝ මටනම් ඔය වයසේදී බබාලා දෙන්නේවත් හිටියා කියලා.

බබා කෙට්ටු වුනත් මහත වැඩි වුනත් ප්‍රශ්නයක් වෙන්නේ අපිට නෙවෙයි වටපිටාවේ ඉන්න අයට. කෙට්ටු වැඩිවුනොත් කියනවා අයියෝ සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව හොඳ කාම ටිකක් ගෙනල්ලා දෙන්න කියලා. මහතා වැඩිවුනොත් කියනවා, අයියෝ කඩේ තියන හැමදෙයක්ම ගෙනල්ලා කවන්න එපා බලන්නකෝ මහත වැඩියිනේ කියලා. අම්මා කෙනෙක් වුනාම ලස්සනට ඉන්න ඕන නැහැ, හැමවෙලාවෙම දරුවා ගැන විතරක් හිතන්න. මෙන්න මේ වගේ දේවල්.