Naifmvlog

Naifm vlog Gossip and News

ප්‍රගීත්ගේ කලින් වයිෆ් මට කිව්වා මේ මිනිහා කපටියා පරිස්සමෙන් කියලා

පියුමි හංසමාලි කියන්නේ නිරන්තරයෙන් සමාජ මාධ්‍යන් තුල පුවත් මවන කෙනෙක් කියලා ඔයාලා දන්නවානේ. පසුගිය කාලයේ ඉඳලා ඇයගේ අලුත්ම පෙම්වතා ගැන හැමෝම කතාබහ වෙන්න පටන් ගත්තා. ඔහු තමයි ප්‍රගීත් කියන කඩවසම් තරුණයා, ඔහුත් එක්ක විවහා වෙන්න ඇගිලි ගනිමින් සිටි පියුමිට හිතුවෙවත් නැති විදියේ අත්දැකීමකට මුහුණ දෙන්න පසුගිය දවසක සිද්ද වෙලා තිබුනා.

ඒ නිසා පියුමිට වෙච්ච දේ ගැන තමයි දැන් සෝෂල් මිඩියා වල හැම තැනකම කතාකරන්න පටන් අරගෙන තියෙන්නේ. ඇයගේ පෙම්වතා කරපු ලොකු බොරුවක් ඇයගේ අතටම හසුවෙලා තිබුනා. වෙනත් ගමනක් යනවා කියලා වෙනත් ගැහැණියෙක් එක්ක හොටෙල් රූම් එකකට ගිහන්. ඒ සිද්දවුන දේට පියුමිට හොඳටම තරහා ගිහින් ප්‍රගිත්ව අත්හැරලා තියනවා. ඒ ගැන ඇය ෆේස්බුක් ගිණුමේ සටහනක් පලකරලා තිබුනේ මෙහෙමයි.

ප්‍රගිත්ගෙන් මම සත පහක දෙයක් අරගෙන නෑ, බොරුවට පේජ් වල දාන මඩ ගොසිප් නිසයි මේටික කියන්නේ. මොකද එයාගෙන් මට ගන්න තරම් දෙයක් එයාගේ ලග නැහැ. කාර් එකත් මගේ, රත්තරන් බඩුත් මම අරන් දීපු ඒවා. හැමෝටම දැනගන්න ඕනවෙලා තියනවානේ මොකද්ද සිද්දවුනේ කියලා. මන් හැමදාම ආදරේ කලේ වෙනුරට විතරයි.

එයත් මගෙන් ඈත් වුනාට පස්සේ තීරණය කළා තවත් නම් ආදරේ කරන්නේ නැහැ කියලා. කොහොමහරි මේ මිනිහට අහුවුනා බොරු ආදරයක් පෙන්නලා මාව රැවට්ටුවා. ගෑනු අපි ආදරේ ඉස්සරහ ඉක්මනින් රැවටෙනවා. පානදුරේ යනවා කියලා ගියපු මිනිහා ගෑනියෙක් එක්ක හොටෙල් රුම් එකක ගිහිල්ලා. එයා දැනගෙන හිටියේ නෑ මන් ලොකේෂන් දාලා බලාගෙන ඉන්නවා කියලා.

මන් පියුමි හංසමාලි කියලා දන්නවානේ කාටවත් බැහැ මාව අන්දන්න. මෙයාගේ කලින් වයිෆ් කිව්වා මිනිහා පට්ට කපටියා පරිස්සමෙන් ආශ්‍රය කරන්න නංගි කියලා. මට කරපු දේම ඔයාටත් කරාවි කියලා. ඒත් මම ගොඩක් විශ්වාස කළා, පිළිගත්තෙම නෑ මිනිහ බොරුකාරයෙක් කියලා. මෙහෙම දෙයක් වුනාම ඒක දරාගන්න බෑ, මෙච්චර විශ්වාස කරලා ආදරේ කරපු කෙනා බොරුවක් කලාම.