Naifmvlog

Naifm vlog Gossip and News

දිනිති අසනීප වුනාම පොඩි බබෙක් වගේ, සංගීත් හතරසිංහ

සංගීත් හතරසිංහ කියන්නේ ලංකාවේ ජනප්‍රියම කළා පවුලකින් එන රංගන ශිල්පියෙක්. ඔහුගේ කළා කටයුතු ගැන වගේම පෞගලික ජිවිතේ සිදුවුණු දේවල් ගැනත් සමාජ මාධ්‍ය තුල ගොඩක් කතාබහට ලක්වෙලා තියනවා. උදාරි කෞශල්‍යා එක්ක විවහා වෙලා සිටි ඔහුගේ එම ජීවිතය අසාර්ථක වීමත් එක්ක දෙදෙනා වෙන් වෙනවා. දැන් සංගීත් ඉන්නේ ගෙදර අයත් එක්ක සහ හොඳම හයලුවන් එක්කයි.

ඉතින් මේ අතරතුර සංගීත් ගැන කාලයක් කතාබහට ලක්වුණේ ඔහු සහ සංජානා ගමරච්චි ආදර යුවලක් කියලා. මොකද මේ දෙන්නා නිතරම එකට ඉන්න චයරුප සහ වීඩියෝ නිසා හැමෝම හිතුවේ සන්ජානා සහ සංගීත් දෙදෙනා විවහා වෙන්නයි යන්නේ කියලා. හැබැයි ඒක බොරුවක් බවට පත්කරමින් ටික දවසකට කලින් සංජානා විවහා වුනා. ඉතින් දැන් සංගීත් ගැන පලවෙන අලුත්ම කතාව තමයි දිනිති.

දිනිති වල්ගමගේ කියෙන්නෙත් ලංකාවේ ජනප්‍රියම රංගන ශිල්පිනියක් සහ ගුවන් සේවිකාවක්. ඇය සංගීත් එක්ක වගේම ඔහුගේ පවුලේ අයත් එක්කත් බොහොම සමීපව කටයුතු කරනවා. මේ නිසා දැන් හැමෝම අතර කතාවක් තියනවා මේ දෙදෙනා විවහා වෙන්න සුදානම් වේවිදෝ කියලා. හැබැයි ඒ ගැන සංගීත් නම් කියන්නේ මෙහෙම කතාවක්.

දිනි කියන්නේ හරිම හිත හොඳ කෙනෙක් අපි දෙන්නා අතරේ ඔය කියන විදියේ කිසිම ආදරේ සම්බන්දයක් නැහැ. ගොසිප් වලනම් මොනවා දානවද කියලා දන්නේ නැහැ, ඒවගේ තියන වැඩි හරියක් බොරු දේවල්නේ. දිනිති මාත් එක්ක වගේම මගේ අම්මයි තාත්තයි එක්කත් බොහොම සමීපව ඉන්නවා. අම්මයි තාත්තයිත් එයාට තමන්ගේම දරුවෙක්ට වගේ සලකන්නේ.

වැඩසටහන් වලට කතාකරද්දීත් අපි දෙන්නටම එකට ආරාධනා කරන්නේ. ඔවුන්ම ආරාදනා කරලා අපි දෙන්නා ගැන යම් මතයක් සමාජයේ හදනවා. අපි දෙන්නා ආදරේ කරාවිද නැද්ද කියලා දන්නේ නැහැ, හැබැයි ලඟින් ආශ්‍රය කරනවා යහළුවෝ විදියට. පසුගිය දිනක දිනිති අසනීප වූ අවස්ථාවක සංගීත් කියලා තිබුනේ හැමතිස්සෙම චන්ඩියෙක් වගේ හිටියට දිනිති අසනීප වුනාම පොඩි බබෙක් වගේ කියලයි.